භානුක අස්වීම අස් කර ගනී

346

ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් ඉවත්වන බවට දැනුම් දෙමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ඉදිරිපත් කළ ලිපිය ඊයේ (13 දා) ඉල්ලා අස් කර ගත් භානුක රාජපක්ෂ තමන් තවදුරටත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවට දැනුම් දී තිබේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ඊයේ ලිපියක් නිකුත් කරමින් භානුක රාජපක්ෂ ඒ බව දැනුම් දී ඇති අතර ඊට පෙර ඔහු කි‍්‍රකට් තේරීම් කමිටු සාමාජිකයන් හමු වී සාකච්ඡාවක නිරත වී ඇත.

අදාළ සාකච්ඡාවට පෙර එනම් පෙරේදා (12 දා) උදෑසන භානුක රාජපක්ෂ කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වූ අතර භානුක රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම අස්කර ගැනීමට තීරණය කළේ එම සාකච්ඡුාවෙන් පසුවය.

භානුකගේ ඉල්ලා අස්වීම පිළිබඳව යළිත් සලකා බලන ලෙස කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඊට පෙර ද භානුක රාජපක්ෂට දැනුම් දී තිබිණි. කෙසේ වෙතත් පෙරේදා දිනයේ නාමල් රාජපක්ෂ මහතාත් භානුක රාජපක්ෂත් අතර පැවැති සාකච්ඡාව භානුකගේ හැරවුම් ලක්ෂ්‍යයට හේතු වී ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග 5කට සහ 20-20 පන්දුවාර තරග 18කට කී‍්‍රඩා කර ඇති භානුක රාජපක්ෂ එහිදී ලකුණු 409ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. පෞද්ගලික හේතුන් මත කී‍්‍රඩාවෙන් සමු ගැනීමට තීරණය කළ ද ස්කින් ෆෝල්ඩ් පරීක්ෂණයෙන් සමත් වීම භානුකට ගැටලුවක්ව තිබිණි. කෙසේ වෙතත් එළැඹෙන සිම්බාබ්වේට එරෙහි තරගාවලියට භානුක රාජපක්ෂව තෝරා ගෙන නැත.

advertistmentadvertistment
advertistmentadvertistment