සමස්ත ලංකා පාසල්  ක්‍රීඩා උළෙල අද සිට

189

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු අදියර අද (20 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වෙන ජිම්නාස්ටික් තරගාවලියෙන් ආරම්භ කෙරේ.

අද (20) සිට ලබන බ්‍රහස්පතින්දා (27) දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙවර පළමු අදියරට ජිම්නාස්ටික්, ශාරීරික අභ්‍යාස, වෙරළ වොලිබෝල්, රග්බි පාපන්දු, මල්ලවපොර, බොක්සිං, බර ඉසිලීම, පාපැදි, ටයිකොන්ඩෝ සහ ජූඩෝ තරග ඉසව් ඇතුළත් වෙයි.

ඒ ඒ තරග ඉසව් ක්‍රියාත්මක කෙරෙන දින සහ ස්ථාන පහත දැක්වේ.

ජිම්නාස්ටික් ඔක්තෝබර් 20 සහ 21 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී, ශාරීරික අභ්‍යාස (ඔක්: 22 සහ 23) ත්‍රිකුණාමලයේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී, වෙරළ වොලිබෝල් (ඔක්: 21, 22 සහ 23) ගාල්ල දඩැල්ල වෙරළ තීරයේදී, රග්බි පාපන්දු (ඔක්: 25, 26 සහ 27) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී, මල්ලව පොර (ඔක්: 21, 22 සහ 23) ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේදී, බොක්සිං (ඔක්: 21, 22, 23 සහ 24) නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී, බර ඉසිලීම (ඔක්: 21, 22 සහ 23) පොලොන්නරුව රාජකීය විද්‍යාලයීය ශාලාවේදී, පාපැදි (ඔක්: 23) අනුරාධපුර නගරයේදී, ටයිකොන්ඩෝ (ඔක්: 21, 22 සහ 23) කෑගලු විද්‍යාලයීය පරිශ්‍රයේදී, ජූඩෝ (ඔක්: 21, 22 සහ 23) නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment