ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හේතුවෙන් ආර්ථික අර්බුදයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව සිය නොසැලෙන ඉදිරි ගමන තවදුරටත් තහවුරු කරන ලදී. සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය හා මනා ව්‍යාපාර ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවන්ට මූලිකත්වය දීමට සම්පත් බැංකුවට හැකි විය.

පසුගිය වසර කිහිපය පුරාවට පැවති ආර්ථික අර්බුදයන් හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන් ඉන් මුදවා ගැනීම සඳහා එක් එක් ගනුදෙනුකරුවන්ගේ ණය ගෙවීමේ හැකියාව මත පදනම් වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සලසා දෙමින් ව්‍යාපාර අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුව තම ගනුදෙනුකරුවන්ට සහාය දෙන ලදී. එමෙන්ම මූල්‍ය හා ව්‍යාපාරික උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම මගින් ගනුදෙනුකරුවන්ගේ නව ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට සහය වූ අතර ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර ආකෘති යාවත්කාලීන කිරීම සඳහා ද සම්පත් බැංකුව ක්‍රියාකාරීව දායක විය.

මීට අමතරව සිය සමාජ ආයතනික වගකීම් ක්‍රියාකාරකම් (CSR) මඟින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම සඳහා “වැවට ජීවයක්“ වැඩසටහනද, “සයුරට හුස්මක්“ ව්‍යාපෘතිය යටතේ සාගර පරිසර පද්ධති සංරක්ෂණය, කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය, කොරල්පර හා කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ද සම්පත් බැංකුව ක්‍රියාශීලීව දායක විය.

ආර්ථිකයේ ඇති වූ අවිනිශ්චිතතාවයන් හා අභියෝගයන් මධ්‍යයේ වුවද 2023 වසර අවසානයේදී සම්පත් බැංකුව මූල්‍ය සේවාවන් මත බදු පෙර ලාභය රුපියල් බිලියන 38.4 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පෙර වසරේ වාර්තා කරන ලද රුපියල් බිලියන 20.2 හා සැසඳීමේදී 89.9%ක ඉහළ වර්ධනයකි. කෙසේ වුවද ඉහළ යන ලද බදු වියදම් හේතුවෙන් බැංකුවේ බදු පසු ලාභය 2023 වසරේ දෙසැම්බර් 31 දිනට රුපියල් බිලියන 17.1 ක් වූ අතර එය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 13.1 හා සැසඳීමේදී 30.5%ක වර්ධනයකට සීමා විය. මීට අමතරව සම්පත් සමූහය 2023 වසර අවසානයේදී බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 27.5% ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 17.9 ක් ලෙස වාර්තා කිරීමට සමත් විය.

2023 වර්ෂය සඳහා බැංකුවේ ශුද්ධ පොළි ආදායම (NII) රුපියල් බිලියන 72.3 ක් වූ අතර එය පෙර වසර හා සැසඳීමේදී 1.6%ක පහත වැටීමකි. පොළී ආදායමට සාපේක්ෂව 2023 වසර තුළදී පොළී වියදම ඉහළ යාම මීට හේතු විය. 2023 වර්ෂය සඳහා සම්පත් බැංකුවේ මුළු පොළී ආදායම පෙර වසරට සාපේක්ෂව 29.1% ක වර්ධනයක් එනම් රුපියල් බිලියන 45.8 ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර පොළී වියදමද රුපියල් බිලියන 131.2 ක් දක්වා ඉහළ යන ලදී. ප්‍රතිමිලකරණ උපයා මාර්ග සහ වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය කිරීම, සාමන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පහත වැටීම තුළින් ශුද්ධ පොළී ආදායමට සිදු වූ බලපෑම සමා කිරීමට හේතු විය. ශුද්ධ පොළී ආන්තිකය 5.16%ක් වූ අතර, එය අනුරූප වසර සඳහා 5.66% ක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment