සමාජ ශාලාවකදී යාළුවී අනංග වෙස්ගත් නිලධාරියාට තරුණියක් කොකා පෙන්වලා නිවසේ තිබූ ලක්‍ෂ 10ක භාණ්ඩ උස්සලා

44

ඉහළ පරිපාලන නිලධාරියකු අනියම් ඇසුරකට පොළඹවාගෙන ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කළ තරුණියක අත්අඩංගුවට ගැනීමට පින්වත්ත පොලිසිය සමත්ව ඇත.

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි විවාහක පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙක් කළ පැමිණිල්ලක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකරු කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී සැකකාරිය හඳුනාගෙන ඇති අතර ඉන්පසු ඇය විවාහ කරගැනීමට තීරණය කර සිය රූමත් බිරිඳවද මගහැර ඇති බවත් සැකකාරිය නිතර නිවසට කැටුවවිත් ඇති බවත් සඳහන් වේ. සැකකාරිය තදින් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිට ඇති අතර තවත් තරුණයකු සමග එක්ව පැමිණිලිකරු නිවසේ නොමැති අතරේ නිවසේ පිටුපස ජනේලයක් විවෘත කර ඇතුල් වී නවීන ලැප්ටොප් යන්ත්‍රයක්, අඟල් 55 රූපවාහිනී යන්ත්‍රයක්, සබ්වූෆර් යන්ත්‍රයක්, වටිනා අත් ඔර්ලෝසු, විදුලි ස්ත්‍රික්කයක් සහ මුළුතැන්ගෙයි උපකරණ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය. ස්ථානාධිපති ප්‍ර.පො.ප. පත්ම නන්දන මහතාගේ

උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති ඒ. නාමල්, සාජන් මේජර් චන්දන ජයසිංහ, කා.පො.කො. (12953) දිල්හාර, පො.සැ.රි. (39346) සුමිත් වැටලීමට එක්වූහ.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment