සහල් මෝලට අධික විදුලියක් ඇවිත් මෝලම ගිනි ගනී

141

යාපනයෙන් දුක්ගැනවිල්ලක්

රාත්‍රී කාලයේදී අධික විදුලි බලයක් පැමිණීම නිසා තම හාල් මෝල ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වූ බවට යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ සහල් මෝල් හිමියකු තෙලිප්පලෙයි පොලිසිය ට 10 දා පැමිණිලි කොට තිබේ.

තමන් සුපුරුදු පරිදි සහල් මෝලේ වැඩකටයුතු නිමවා සවස් කාලයේදී නිවසට ගිය බවත් මැදියම් රැයේදී කෙනකු දුරකථන ඇමතුමක් ලබා දී සහල් මෝල ගිනි ගන්නා බව ප්‍රකාශ කිරීම නිසා පැමිණ බලන විට ගින්නකින් මුළු හාල් මෝලම දැවී විනාශ වී ගොස් තිබූ අයුරු තමන්ට දැක ගත හැකි වූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.

මේ නිසා තමන්ගේ සහල් මෝලේ තිබූ රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා යන්ත්‍ර සූත්‍ර සියල්ල විනාශ වී ගොස් ඇති බව පවසන මොහු ඒ අවස්ථාවේදී සහල් මෝල අවට නිවෙස් කීපයකද ගෘහ උපකරණ අධික විදුලි බලයක් පැමිණීම නිසා විනාශ වී ගොස් ඇති නිසා තම සහල් මෝලටද සිදුව ඇත්තේ එයම බව සහල් මෝල් හිමියා කියා සිටියි.

යාපනයේ තෙලිප්පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ


advertistmentadvertistment