ස්ටිකරය ගැන චෝදනා එල්ල වන ආයතනවලට සමාවක් නෑ- නව සුරාබදු කොමසාරිස් ජනරාල්

122

මත්පැත් බෝතල් මත අලවා ඇති ස්ටිකරය සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන නිවැරදි ආකාරයෙන් කටයුතු කළ යුතු බවත්, එම ස්ටිකරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආයතන සහ එයට සම්බන්ධ වන නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් නව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය.

තමා මීට පෙර කොමසාරිස් ජනරාල්වරයාව කටයුතු කරන සමයේ මත්පැන් බෝතල් මත ස්ටිකර ඇලවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ බවත්, එය හඳුන්වා දී තමා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු එහි අඩුපාඩු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා කළත් එය නීත්‍යානුකූල තත්ත්වයට පත්කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි ද නව තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පසුගියදා ඒ මහතා පැවසීය.

තම දෙපාර්තමේන්තුවටම කියා මධ්‍යසාර රසායනාගාරයක් පිහිටුවීමට තමාගේ පාලන කාලයේ මුදල් වෙන්කළ බවත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සහ දෙපාර්තමේන්තුවට තොරතුරු තාක්‍ෂණය හඳුන්වාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සොයාබලා එම කාර්යයන් කඩිනම් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

2024 වර්ෂයට අදාළව සුරාබදු ආදායම වැඩිකර ගැනීමේ අභියෝගය ජය ගැනීමට සියලු නිලධාරීන්ගේ සහාය තමාට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කී ඒ මහතා නිලධාරීන් මේ වන විට මුහුණ දී ඇති උසස්වීම් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment