වසර 21ක පමණ කාලයක් මුළුල්ලේ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිරියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් ප්‍රීතියට පත් සිරියානු වැසියෝ වීථි බැස ප්‍රීති ඝෝෂා නගමින් එය සමරා තිබේ. සිරියාවේ ඩැමස්කස් අගනුවර වීථිවලට එක්රොක්ව ඇති සිය දහස් ගණනක් වූ ජනතාව ඇමරිකානු සම්බාධක ඉවත් කරන බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රීතිය පළ කර තිබේ.
මැදපෙරදිග කලාපීය රටවල සිවුදින සංචාරයක නිරතව සිටින ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් සවුදි අරාබියේදී ඇමරිකාව විසින් සිරියාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක ඉවත් කරන බවට ප්‍රකාශ කර තිබිණි. සිරියාවේ පාලනය ගෙන ගිය ඒකාධිපති පාලකයකු වූ බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව 2004 වසරේ මැයි 05 වැනිදා ඇමරිකාව විසින් සිරියාවට ලබාදුන් ආධාරවල සිට මූල්‍ය පහසුකම් දක්වා වූ අංශවලට සම්බාධක පනවා තිබිණි. සවුදි අරාබියේදී වත්මන් සිරියානු අන්තර් වාර රජයේ ජනාධිපතිවරයා වන අහ්මඩ් අල් ෂාරාව මුණගැසී සාකච්ඡා පවත්වා ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා සිරියාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට තීරණය කරන ලද්දේ එරටට විශිෂ්ටත්වයට පත් වීම සඳහා අවස්ථාවක් දීමට බව පවසා තිබේ. මේ අතර ඉකුත් දෙසැම්බර් මාසය දක්වා සිරියානු නායකයා අත්අඩංගුවට ගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ත්‍යාග මුදලක් ලබා දෙන බව පවසා තිබූ ඇමරිකානු ජනාධිපතිවරයා සිරියානු නායකයා සමග සාකච්ඡා පැවැත්වීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබේ.