සුපිරි කුෂ් ජාවාරමෙක් අත්අඩංගුවට: සුද්දන්ට විකුණා ගමේ අයට නොමිලේ දීලා

214

විදේශයකින් ගෙනවන ලද කුෂ් නමැති මත්ද්‍රව්‍ය විදේශිකයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත මෝස්තර නිරූපන ශිල්පියකු එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් හා ඒවා ඔතා පානය කිරීමට යොදාගන්නා

ගංජාවලින් සකස් කළ පත්‍ර දෙක බැගින් වූ පැකට් 14 ක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය සමත්ව තිබේ. මොහු දික්වැල්ල පෙහෙඹිය සංචාරක නිවාඩු නිකේතනයක කාමරයක නවාතැන්ගෙන මෙම ජාවාරම කරගෙන යන බව පොලිසිය කියයි. එසේම මොහු ප්‍රදේශයේ පුද්ගලයින්ට මේවා නොමිලයේ ලබාදෙමින් එම මත්ද්‍රව්‍ය ප්‍රවර්ධන කාර්්‍යයයේද යෙදී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුරංග මහතාට ලැබුණු තොරතුරක් මත දින ගණනාවක් මොහු පිළිබඳ

සෝදිසියෙන් සිට අනතුරුව සැකකරුගේ නවාතැන පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කීය.

අවුරුදු 35 ක්වූ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු පෙරේදා (13) අධිකරණයට ඉදිරිපත් කෙරිනි.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එස්. මදුරංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්ථාපල් (87838) ප්‍රදීප්, (89309) කුමාර, (13289) නන්දසිරි, (91162) දුලාජ්, (99354) උදේශ්, (4051) ධම්මික යන නිලධාරීහු සැකකරු හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නිමල් හේමසිරි – රදම්පල

advertistmentadvertistment
advertistmentadvertistment