හතුරුගේ කතාව – හතුරුට හරහට හිටියිද?

516

මේ දිනවල ක්‍රියාත්මක වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය ප්‍රසිද්ධියේම අපහාසාත්මක ලෙස විවේචනය කළ බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හා එරට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය ‘සර්කස්’ එකක් වගේ බවත් ඇතැම් අවස්ථාවල ඊඡඛ නරඹන විට තමන් පවා රූපවාහිනීය ක්‍රියා විරහිත කරන බවත් හතුරුසිංහ ප්‍රකාශ කර ඇත.

“ක්‍රීඩකයෙක් එක් තරගාවලියක් ක්‍රීඩා කරනවා. පසුව ඔහු තවත් තරගාවලියක් ක්‍රීඩා කරනවා. ඒක නිකම් හරියට සර්කස් එකක් වගේ. ක්‍රීඩකයින් ඔවුන්ගේ අවස්ථා ගැන කතා කරනවා. ඒක නිවැරදි නැහැ. මිනිසුන්ගේ උනන්දුව නැති වෙලා යයි, දැන් මගේ උනන්දුවත් නැති වෙලා ගියා වගේ.

අපේ ක්‍රීඩකයන්ට මුල් තිදෙනා තුළ පිතිකරණයේ යෙදීම, බංග්ලාදේශ පන්දු යවන්නන්ට අවසන් පන්දුවාර පන්දු යැවීම වැනි දේවල් කළ හැකි තරගාවලියක් අපට තිබිය යුතුයි. නැත්නම් අපි කොහෙන්ද මේ දේවල් ඉගෙන ගන්නේ? අපිට තියෙන්නේ එක තරගාවලියයි.” යැයි හතුරුසිංහ පවසා ඇත.

බංග්ලාදේශ යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) සභාපති නස්මුල් හසන් පැවසුවේ, මේ පිළිබඳව සොයාබලා ඉදිරි පියවර ගන්නා බවයි.

“හතුරුසිංහගේ අදහස මම තවම දන්නේ නැහැ. මම ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිහින් මේ ගැන සාකච්ඡා කරනවා. ඔහු එවැනි ප්‍රකාශයක් කළේ නම්, ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා” යැයි නස්මුල් හසන් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment