අකිල ධනංජය ගෙන් කඩුලු 15ක්

362

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය පළමු ඉනිමේ කඩුලු 8ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 7ක් දවා ගනිමින් වාර්තාගත පන්දු යැවීමක නිරත විය.

කෝල්ට්ස් ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන අකිල එහිදී ප්‍රදර්ශනය කළ දස්කම් මත එම තරගයෙන් ලකුණු 222 ක ජයග්‍රහණයක් කෝල්ට්ස් කණ්ඩායමට හිමි විය.

කෝල්ට්ස් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 263 ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 313 ක් ලබා ගත්තේය. ලකුණු 405 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම ලකුණු 172 කට නතර කිරීමට අකිලගේ පන්දුවලට හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment