හන්දිපත් වේදනාවට තෙල් ආලේපය

646

හන්දිපත් වේදනාව ගැන බොහෝ දෙනා කතාබහ කරති. ඒ සඳහා ඇති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගැනද අවධානය යොමු කරති. නමුත් බොහෝ ප්‍රතිකාර ක්‍රම මගින් නිසි සුවයක් නොලැබුණු බවද පවසති. ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ බොහෝ දෙනා හන්දිපත් වේදනාවට බලපා ඇති හේතු හඳුනා නොගැනීම සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර නිසි ලෙස භාවිතා නොකිරීමය.

හන්දිපත් වේදනාවට බලපාන ප්‍රධාන හේතු

හන්දිපත් වල වේදනාවක් ඇතිවීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ රුධිරයෙහි විෂක් නිපදවීමය. එසේ වීමට බලපාන්නේ අප ගනු ලබන ආහාර නිසි ලෙස ජීර්ණය නොවීමය. එනිසා මෙලෙස රුධිරයට එකතුවන විෂට ආමවිෂ යැයි කියනු ලබයි.

අප ගනු ලබන ආහාර සිරුරට එක්වන්නේ සප්ත ධාතු ලෙසය. එය රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇට මිදුළු සහ ශුක්‍ර ලෙස සිරුට උරාගනී. මෙම සප්ත ධාතු නිසි ලෙස ආහාර මගින් සිරුරට උරා නොගන්නා විට සිරුරේ සන්ධිමත ඒවා විෂ කොටස් ලෙස තැන්පත් වේ.

මෙලෙස සන්ධිමත විෂ කොටස් තැන්පත්වූ විට එහි ඇති කාටිලේජ විනාශවීමකට ලක්වේ. අස්ථි දිරාපත්වීමට පත්වේ. මෙවැනි තත්ත්වයකට පත්වන විට හන්දි ක්‍රියාකරන විට වේදනාවක් හට ගනී.

හන්දි වේදනාවට ප්‍රතිකාර

හන්දිපත් වේදනාව සඳහා ඖෂධීය තෙල් අලේපය සහ ඖෂධ ලබාදීම මගින් සිදු කරන්නේ හන්දිමත තැන්පත්ව ඇති විෂ නැති කිරීමය.

මෙහිදී හන්දිපත් වේදනාව සඳහා තෙල් ආලේප කිරීමේදී එය නිසි ලෙස සිදුකළ යුතුය. නිදසුනක් ලෙස අපගේ වෙද පරපුර මගින් රෝගීන් වෙත ලබාදෙන ජීවබල තෙල් වර්ගය හෙවත් කෝකටත් තෛලය නමැති ඖෂධීය තෙල් හන්දිමත ආලේප කරන පිළිවෙතක් ඇත. එම තෙල් කුඩා ප්‍රමාණයක් කෝප්පයකට දමා එය උණු ජලය සහිත බඳුනක තබා රත් කරගත යුතුය. එසේ රත්වූ තෙල් සන්ධි මත සහ ඒ අවට ප්‍රදේශයේ ආලේප කළ යුතුය.

ඉන් පසු තෙල් ආලේප කළ ප්‍රදේශය ඇඟිලි තුඩු මතින් හොඳින් පිරිමැදීම කළ යුතුය. එසේම හොඳින් ඉහළ සිට පහළට පිරිමැදිය යුතුය. මෙම තෙල් ප්‍රතිකාරය රාත්‍රියට සිදු කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යය.

මෙලෙස දින කිහිපයක් තෙල් ආලේපය සිදු කිරීම මගින් සන්ධි මත තැන්පත්ව ඇති විෂ නැති කළ හැකිය.

සන්ධිමත වේදනාව දැඩිව පවතින්නේ නම් මෙම සන්ධි තෙල් රෙදි කැබැල්කට දමා තෙල් සහිත මෙම රෙදි කැබැල්ල සන්ධි මත තබා ඊට උඩින් කෙසෙල් දල්ලක කැබැල්ලකින් ආවරණය කරගත යුතුය. ඉන්පසු බැන්ඩේජ් පටි මගින් හොඳින් වෙලාගත යුතුය.

මෙලෙස නිසි වෛද්‍ය උපදෙස් මත දින ගණනක් තෙල් ආලේප කිරීමේ සාත්තුව සිදු කිරීම මගින් සන්ධිමත පවතින වේදනාව නැතිකර ගත හැකිය.

එසේම තෙල් ආලේපය මගින් සිරුරේ ස්නායු දුර්වලතාවයක් පවතී නම් එය නැතිකර ගත හැකිය. එසේම ලිංගික අප්‍රාණිකත්වයක් පවතී නම් මෙම තෙල් වෘෂණකෝෂ මත සහ ශිෂ්ණය මත රාත්‍රියට ආලේප කිරීම මගින් එම දුර්වලතාවයන්ද සමනය කර ගැනීමට හැකිවේ. විශේෂයෙන්ම පිරමි පුද්ගලයන්ට සන්ධි රෝග සමග ස්නායු දුර්වලතා සහ ලිංගික දුබලතා මතුවීම බහුලවම දැක ගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 077-8985757 ඇමැතිය හැකිය.

හන්දිපත් වේදනාවට තෙල් ආලේපය

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය
වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත

advertistmentadvertistment
advertistmentadvertistment