හපුතලේදී ඩීසල් බවුසරය අනතුරේ

219


හපුතලේදී අද උදෑසන ඩීසල් බවුසරයක් අනතුරකට ලක් විය.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට හපුතලේ ඛනිජ තෙල් තොග ගබඩාව වෙත ඩීසල් තොගයක් රැගෙන යමින් තිබූ බවුසරයක් වන අතර හපුතලේ මුස්ලිම් පාසල අසල වංගුව ගැනීමට යාමේදී රියැදුර ට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරළී ගොස් තිබු අතර එහි රැස් වුණු ජනතාව විසින් ඉවත ගලා ගිය ඩීසල් එකතු කරමින් සිටින ලදී.
රියදුරු සහ රිය සහායක තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හපුතලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment