ළමා අපචාර සැකකරු පොලිස් කූඩුවේදීම ගෙළ වැළලා ගනී

517

ළමා අපයෝජන සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු පෙරේදා (24) අලු‍යම පොලිස් කූඩුව තුළදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලීසිය පවසයි.

මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ අම්බලන්තොට වාදුරුප්පුව, අක්කරකාල්ගොඩ පදිංචි 48 හැවිරිදි වසන්ත පුෂ්පික නමැති පුද්ගලයායි.

සැකකරු වයස අවුරුදු 13ක දැරියක ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනා මත හම්බන්තොට වරාය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව වරාය පොලිසියේ නිලධාරීන් විසින් පසුගිය 23 වන දින සවස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර

ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන තෙක් සැකකරු පොලිස් කූඩුවේ රඳවා තබා තිබේ. එම අවස්ථාවේදී සැකකරු පොලිස් කූඩුව තුළදී ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment