විශ‍්‍රාම වැටුප් හා සේවක අර්ථ සාධකයෙන් සියයට 25 ක බද්දක් අයකිරීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

209

රජය ජනතාව මත බදු පිට බදු ගසා ඊළඟ මැතිවරණවලට මුදල් සොයමින් සිටිනවා යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (08 දා) පැවසීය.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ, වැට් බදු සංශෝධනය හා අධිකාරි බද්ධ සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදුපිට බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා ඊයේ (8 දා) කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් පැවසීය.

අධිකාරි බද්ධ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ‍්‍රාම වැටුප් අරමුදලෙන් හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් 25% ක බද්දක් අයකර ගැනීමට කටයුතු කිරීම ගැන මුදල් අමාත්‍යාංශය ලැජ්ජාවිය යුතු බවද විජයවර්ධන මහතා පැවසීය.

විදුලි අර්බුද, ගෑස් අර්බුද ඇතුළු ගැටලූ ගණනාවක් නිසා ජනතාවට ජීවත් වෙන්න නොහැකිව සිටින විට විශ‍්‍රාම වැටුප් අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල වැනි අරමුදල්වලටත් විදින්නයි මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. මේ අරමුදල් සමාගම් නොවෙයි කියලත් කියන්න ඕනෑ යැයි ද ඒ මහතා කීය.

මේ වනවිට ආණ්ඩුව මේ අරමුදල්වලින් බදු ගන්න යන ක‍්‍රමයට දෙපාරක් බදු ගන්න යන බව පේනවා. එක අවස්ථාවක අරමුදලට දායකත්වය දරන සමාගම් වලින් බදු ගන්නවා. තවත් අවස්ථාවක අරමුදලෙනුත් බදු ගන්නවා. මෙය කොතරම් අසාධාරණ දැයි ආණ්ඩුව බැලිය යුතු යැයි ද විජයවර්ධන මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment