හෝමාගම පනාගොඩ හමුදා කඳවුරට සමීප පිටිපන හමුදා මුරකුටිය අසලට ඉකුත් සිකුරාදා (3දා) රාත්‍රියේ පැමිණි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම මුරකුටියේ සිටි සෙබළා රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනිඅවිය සහ උණ්ඩ රැගෙන පලාගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි.
මෙම සැකකරු හමුදා සෙබළා අසලට පැමිණ ඔහුගෙන් තොරතුරු විමසා ඔහු සමඟ හිතවත්ව ඇත. රුපියල් දෙසීයක් දී බුලත්විටක් සහ සිගරට් එකක් ගෙනඒමට අසල වෙළෙඳසලට යවා තිබේ. මෙම සෙබළා තමා අත තිබූ ටී 56 ගිනි අවිය සහ උණ්ඩ තොගය මුරකුටියේ තබා වෙළෙඳසලට ගොස් ඇති අතර ආපසු එද්දී ඔහු සමඟ කතාබස් කළ පුද්ගලයා ගිනි අවිය සහ උණ්ඩ සමඟ අතුරුදන්වී ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
නෝමන් පලිහවඩන