හයිඩ්පාක් ගරාජයකින් ඉස්සූ මොන්ටෙරෝවක් ඇලහැර තේක්ක කැළයකින් හමුවෙයි

136

ප්‍රධාන සැකකරුත් අත්අඩංගුවට

කොළඹ හයිඩ්පාක් ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ පන්දහක් පමණ වටිනා අධි සුඛෝපභෝගි මොන්ටෙරෝ වර්ගයේ මෝටර් රථයක් සොරකම් කළ පුද්ගලයකු ඇලහැර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට බකමූණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වූහ.

බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකදුර මහතා ට ලැබුණු තොරතුරක් අනුව මොටර් රථය ඇලහැර නගරය ආසන්නයේ තේක්ක කැලෑව තුළ සඟවා තිබියදී සැකකරු සමග මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්විය.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඇලහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු කොළඹ ප්‍රදේශයේ සිකියුරිටිවරයෙකු ලෙස වැඩකරන පුද්ගලයකු බවත් බකමූණ පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථය තුළ වෙනත් මෝටර් රථ දෙකක යතුරු දෙකක් තිබී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකදුර පොලිස් පරීක්ෂක ඒකනායක පොලිස් සැරයන් 61190 හේරත් යන අය විසින් මෝටර් රථය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. බකමූණ පොලිසිය සොරකම පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි

නෝමන් පලිහවඩන සහ ඇලහැර නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment