හිටපු ඇමැති තිස්ස කරල්ලියද්ද සජබට එක් වෙයි

748

මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ලෙස සිටි හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා එම තනතුරුවලින් ඉවත්ව ඉදිරි මැතිවරණවලදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව මැදවච්චිය සමගි ජනබලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන් පෙරේදා (25දා) එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ තිස්ස කරල්ලියද්ද මහතා සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය හා මැදවච්චිය ආසනයේ සම ආසන සංවිධායක ධුරය ලබා ගත්තේය. තිස්ස කරල්ලියද්ද මහතා වසර ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර එහි අමාත්‍ය ධුර රැසක් ද දැරීය. මේ වන විට එම පක්ෂයේ වෙනස්වීම් හමුවේ පාක්ෂිකයන් රැසක් අතරමං වී ඇති බවත් වර්තමානයේ දේශපාලන වෙනස් වීම් හා පාක්ෂිකයන්ගේ ද ඉල්ලීම් මත තමා සමගි ජනබලවේගයත් සමග අත්වැල් බැඳගත් බවත් අප කළ විමසීමකදී ඒ මහතා පැවසීය.

ඒ අනුව මැදවච්චිය සමගි ජනබලවේගය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සමග එක්ව මැදවච්චිය ආසනය දිනවීමට කටයුතු කරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජාතික ජනබලවේගයේ තවත් පිරිස් රැසක් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීමට පෙළ ගැසෙමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment