හෙළ වෙදකමේ ඇති – Cancer Treatment

133

පිළිකා රෝගයක් ඇතිවූ විට ඉන් පීඩාවට පත් වන්නේ රෝගියා පමණක් නොවේ. එම රෝගියාගේ පවුලේ සමීපතමයන් ද දැඩි පීඩාවට පත්වෙයි. ඊට හේතු වී ඇත්තේ පිළිකා රෝගය එදා මරණයට අතවනන රෝගයක් ලෙස සමාජය තුළ පැතිර ඇති මතය නිසාය.

පිළිකා රෝගය සුව කළ නොහැකි ද?

පිළිකා රෝගයක් සුවකිරීම සම්බන්ධව තීරණය කළ හැක්කේ මතුව ඇති පිළිකා රෝගය සහ සිරුරේ මතුව ඇති ඉන්ද්‍රියයන් අනුවය. එනම් මොළයේ පිළිකාවක් හටගත් විට, පියයුරුවල පිළිකාවක් හටගත් විට මුත්‍රාශයේ පිළිකාවක් හටගත් විට, පෙනහලු අක්මාව වැනි ඉන්ද්‍රියක පිළිකාවක් හටගත් විට ඒ සඳහා සිදු කරන ප්‍රතිකාර වෙනස්ය. බඩවැල්හි, මුඛයේ, ආමාශයේ, ගුද මාර්ගයේ පිළිකාවක් හටගත් විට සිදු කරන ආකාරය ද වෙනස්ය.

දේශීය හෙළ වෙදකම සහ පාරම්පරික වෙදකමට අනුව පිළිකා ඇතිවීමට, පෙර කළ අකුසල කර්ම ද බලපානු ලබයි. එනිසා එම වෛද්‍ය ක්‍රමයේදී පිළිකාවට ප්‍රතිකාර කිරීමේදී ඖෂධීය ප්‍රතිකාර මෙන්ම අකුසල කර්ම තවදුරටත් බලවත්වීම වළක්වාලීමටත් සෙත් ශාන්ති කරනු ලබයි.

කෙසේ වෙතත් දේශීය හෙළ වෙදකම, පාරම්පරික වෙදකම සහ ආයුර්වේදය තුළ පිළිකා සුව කිරීමට සාර්ථක ප්‍රතිකාර ඇත. ඒ සඳහා රස ඖෂධ, චූර්ණ වර්ග, ගුලි, කසාය, තැවීම්, තෙල් ආලේපය ආදී ප්‍රතිකාර ක්‍රම රැසක් භාවිතා කරයි. එනිසා මාරාන්තික යැයි පවසන පිළිකා වර්ග ඉතා කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන් සුවපත් කළ හැකිය.

ප්‍රතිකාර සිදු කිරීම

පිළිකා සඳහා දේශීය හෙළ වෙදකම සහ පාරම්පරික වෙදකම තුළ ඉතා වටිනා බලවත් ඖෂධ වට්ටෝරු රැසක් පවතී. එම වට්ටෝරුවලට අනුව සකස් කළ ඖෂධ මගින් පිළිකා රෝග සෛල වර්ධනය නතර කරනු ලැබේ. එහිදී පිළිකා රෝගය නිසා දූෂිත වී ඇති රුධිරය පිරිසිදු කිරීම පළමුව සිදු කරනු ලබයි. ඉන් පසු රස ඖෂධ, ශක්තිජනක අශ්වගන්ධ ඖෂධ ආදිය මගින් රෝගියාගේ අඩපණ වී ඇති සිරුරේ ශක්තිය සහ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබයි. එලෙස රෝගියාගේ සිරුරේ ශක්තිය සහ ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර පිළිකා සෛල විනාශ කිරීම සහ යළි එම සෛල හට ගැනීමට බලපාන මූල බීජයන් සිරුරින් සම්පූර්ණයෙන් ඉවත් කරනු ලබයි. එනිසා මෙම ප්‍රතිකාරවලදී ප්‍රතිකාර අවසන් කළ පසු, නැවත පසු කාලයකදී පිළිකා හටගැනීමක් සිදු නොවේ.

ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ රෝග තත්ත්වය, වයස සහ පිළිකාව මතුව ඇති ඉන්ද්‍රිය අනුව කඩිනමින් සති කිහිපයකින් පිළිකා සෛල විනාශ කර දැමීම හෝ මාස තුන හතරක් ඇතුළත පිළිකා සෛල විනාශ කර දැමීම සිදු කරනු ලබයි. එය වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කර බලා තීරණය කරනු ලබයි. එහිදී රෝගියා භාවිතා කළ යුතු සියලු ඖෂධ, වෛද්‍යවරයා විසින් සම්පූර්ණයෙන් සකස් කර ලබාදේ. එනිසා රෝගියාට ඖෂධ සකස් කර ගැනීම හෝ ඒ සඳහා ඖෂධ බාහිරින් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ. එය වර්තමානයේ දේශීය වෙදකම තුළ රෝගීන්ට ලැබෙන පහසුකමකි.

පිළිකා රෝග ප්‍රතිකාරයේදී එම රෝගය නිසා සිරුරේ අඩපණ වූ සියලු රෝග සුවපත් කිරීම සඳහා ඖෂධ ලබාදේ. මෙය ද දේශීය වෙදකමේ සුවිශේෂී බවකි.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0718285605 ඇමැතිය හැකිය.

හෙළ වෙදකමේ ඇති - Cancer Treatment

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment