පස්සෙ සල්ලි දෙන්න ඉන්දුනීසියාවෙන් ගල්අඟුරු නැව් 12ක්

262

ගල්අඟුරු ලබාගෙන දින 200කට පසු මුදල් ගෙවීමේ එකඟතාව ඇතිව ගල්අඟුරු නැව් 12ක් ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම්ගත වී ඇත.

ටෙන්ඩර් කැඳවීමට ඉදිරිපත් වූ ඉන්දුනීසියානු සමාගමෙන් ගල්අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය දා ණයවර ලිපි නිකුත් කිරීමට ද කටයුතු කර ඇත.

ඉන්දුනීසියානු සමාගමෙන් ගල්අඟුරු මෙටි්‍රක් ටොන් හත්ලක්‍ෂ විසිදහසක් ලබාගැනීමට නියමිත බවත්, ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240කට මිලදී ගැනීමට නියමිත බවත් අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය. ගිවිසුමට අනුව ගල්අඟුරු පළමු නැව පෙබරවාරි 16 වැනිදා වනවිට පැමිණීමට නියමිතය.

මේ වනවිට බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කර නිපදවන මෙගාවොට් 810ක් ජාතික පද්ධතියට එක්කර තිබේ. මේ වනවිට 2021 ටෙන්ඩරයට අනුව ගල්අඟුරු රැගත් 11 වැනි නැව ද නොරොච්චෝල බලාගාරයට පැමිණ තිබෙන අතර තවත් 08 ක් පමණ එම ටෙන්ඩරයට ලබාගැනීමට අදහස් කර තිබේ.

එළැඹෙන අප්‍රේල් මැද පමණ වනවිට වාරකන් කාලය උදාවීමට නියමිතය. එම කාලයට පෙර බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා

ගල්අඟුරු නැව් 33 ක් පමණ අවශ්‍ය බවට ගණන් බලා ඇත. ඊයේ (01 දා) සිට බලාගාරයේ යන්ත්‍ර තුනම දින 35 ක් පමණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල්අඟුරු සංචිත පවතින බව ද එම නිලධාරියා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment