බටහිර, ආයුර්වේද, හෝමියෝපති හොර වෛද්‍යවරු 40,000ක් රට පුරා

94

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

බටහිර, ආයුර්වේද සහ හෝමියෝපති වෛද්‍යවරු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය වෘත්තියේ නියැලෙන ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 ක් පමණ රට තුළ සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රෝගී ජනතාවගේ ජීවිත අවදානමේ දමමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට නීති පද්ධතියේ පවතින නීති ප්‍රමාණවත් නොවීමෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි දිනපතා ඉහළ යමින් පවතින බව, එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.

බොහෝ ස්ථානවලදී තමනට සේවය සපයන්නේ සුදුසුකම් නොමැති, ව්‍යාජ වෛද්‍යවරුන් බවට රෝගී ජනතාව නොදන්නා බැවින් මෙම තත්ත්වය බරපතළ වී ඇතැයි ද සඳහන් කළ වෛද්‍යවරයා මෙවැනි හොර වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේ සිට ගබ්සා කිරීම් දක්වාම කටයුතු සිදු කරන බවට බිම් මට්ටමෙන් තොරතුරු වාර්තා වී ඇතැයි ද පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment