හොර දොස්තරලා අල්ලන්න පොලිසිය දැල එළයි

54

ව්‍යාජ සහතික භාවිත කරමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් අතර පෙරේදා (4දා) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංඡනය සහිත ස්ටිකරය වාහනවල ප්‍රදර්ශනය කරමින් ඇතැම් පුද්ගලයන් එය අවභාවිත කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙහිදී පෙන්වා දී ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment