ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්‍ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ සමාගමක් මෙන්ම HNB සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්) සමාගම සහ හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank) අතර HNB අධිෂ්ඨාන ණය වැඩසටහන වෙනුවෙන් පසුගිය වසරේදී ආරම්භ කරන ලද සහයෝගීතාවය නැවත අලුත් කිරීමට එම සමාගම් පසුගියදා කටයුතු කළේය.

මෙම සහයෝගීතාවය හරහා HNB අධිෂ්ඨාන ණය වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින පාරිභෝගිකයන් හට සුවිශේෂී රක්ෂණාවරණ සහ සේවාවන් ලබාදීමට HNB General Insurance සමාගම කටයුතු කර තිබුණු අතර නැවත අලුත් කරන ලද ගිවිසුම යටතේ මෙම රක්‍ෂණාවරණයන් සහ සේවා පරාසයන් තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික සේවා බැංකු සමූහය සන්ජේ විජේමාන්න මහතා (වමේ සිට පස්වැනි) සහ HNB General Insurance ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා (වමේ සිට හයවැනි) HNB General Insurance නිලධාරීන් සහ HNB බැංකුවේ නිලධාරීන් සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment