LOLC ෆිනෑන්ස්, විල්ගමුව සහ වැල්ලවාය ශාඛා නව නිවහනකට

40

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) වන LOLC ෆිනෑන්ස් හි විල්ගමුව සහ වැල්ලවාය ශාඛා, නව නිවහන් වෙත ප්‍රවිෂ්ට වූ අතර සිය පාරිභෝගික ප්‍රජාවගේ පහසුව පිළිබඳව සලකාබලමින් හා ආයතනික උපාය මාර්ගයන්ට අනුකූලව මෙම ස්ථාන මාරු වීම් සිදුවිය.

2023 සැප්තැම්බර් 4 වන දින හෙට්ටිපොළ, විල්ගමුව ශාඛාව විවෘත කිරීම සිදුවිය. LOLC ෆිනෑන්ස් පීඑල්සී, ඌව පළාත් ප්‍රාදේශීය ප්‍රධානී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යැනික් ප්‍රනාන්දු මහතා, රන් ණය අංශ ප්‍රධානී නිශාන්ත ජයසේකර මහතා, ඇතුළු LOLC සහ ප්‍රාදේශීය ප්‍රජාවේ සම්භාවනීය අමුත්තන් මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ.

වැල්ලවායේ නව ශාඛාව 2023 සැප්තැම්බර් 5 වන දින නිල වශයෙන් විවෘත කරනු ලැබූ අතර වැල්ලවාය, අංක 20 හි පිහිටි මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා යැනික් ප්‍රනාන්දු මහතා මෙන්ම LOLC ෆිනෑන්ස් සමාගමේ සහ කලාපයේ ප්‍රමුඛ පුද්ගලයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.

LOLC ෆිනෑන්ස්, විල්ගමුව සහ වැල්ලවාය ශාඛා නව නිවහනකට

පාරිභෝගික පහසුව සඳහා නිර්මාණය කර ඇති මෙම ශාඛා, බාධාවකින් තොර සේවාලාභී කේන්ද්‍රීය අත්දැකීමක් ලබාදීම කෙරෙහි LOLC ෆිනෑන්ස් සතු කැපවීම සංකේතවත් කරනු ලබයි. රට පුරා ශාඛා 230කට අධික ජාලය හරහා, LOLC ෆිනෑන්ස් නවීන තාක්‍ෂණයෙන් සහ නව්‍ය විසඳුම්වලින් සමන්විත වූ සේවා රාශියක් තුළින් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමේ සිය මෙහෙවරෙහි යෙදී සිටියි.

LOLC ෆිනෑන්ස් පීඑල්සී, ඌව පළාත් ප්‍රාදේශීය ප්‍රධානී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යැනික් ප්‍රනාන්දු මහතා සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී හි රන් ණය අංශ ප්‍රධානී නිශාන්ත ජයසේකර මහතා LOLC විල්ගමුව ශාඛාව විවෘත කරන අවස්ථාවට සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී, ඌව පළාත් ප්‍රාදේශීය ප්‍රධානී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යැනික් ප්‍රනාන්දු මහතා LOLC වැල්ලවාය ශාඛාව විවෘත කරන අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment