නව මීරා ෆේස්වොෂ් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

221

ප‍්‍රභාත් විතාන

පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක් වන කෙවින්කෙයා සමාගම විසින් සිය මීරා (Meera) සන්නාමය යටතේ තවත් නවතම නිෂ්පාදනයක් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්සවාකාරයෙන් කොළඹදී සිදු කෙරිණි.

මීරා ෆෙස්වොෂ් (Meera Facewash) නිෂ්පාදනය එලෙස වෙළඳපොළට හදුන්වාදෙන ලද නව නිෂ්පාදනය වන අතර එය ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගේ සමට ගැළෙපෙන ආකාරයට නිෂ්පාදනය කළ රතු සඳුන් (සුමුදු සම වෙනුවෙන්), නීම් හා තේ සාරය (කුරුලෑවලින් තොර සමක් වෙනුවෙන්) සහ කහ (පැහැපත් සමක් වෙනුවෙන්) යන වර්ග තුනක් යටතේ හඳුන්වා දෙනු ලැබිණි.

මීරා ෆේස්වොෂ් සබන්, සල්ෆෙට් හා පැරබෙන් වලින් තොර, ඉපැරණි ආයුර්වේද පොත්වල එන ස්වාභාවික විසඳුම්වලින් නිර්මිත, සම මත මෘදුව ක‍්‍රියාත්මක වන නිෂ්පාදනයකි. සැලිසිලික් අම්ලයෙන් තොර මීරා ෆේස්වොෂ් ප‍්‍රීබයොටික් තාක්‍ෂණය යොදා ගෙන කුරුලෑ ඇති කරන බැක්ටීරියා 99.9% ක්ම විනාශ කිරීමෙහි සමත් ස්වභාවික නිෂ්පාදනයකි.

මීරා ෆේස්වොෂ් නිෂ්පාදනය විශේෂයෙන්ම සාම්ප‍්‍රදායික මූලයන් හා ස්වභාවික අන්තර්ගත ද්‍රව්‍ය කෙරෙහි විශ්වාසය තබන නූතන ශ‍්‍රී ලාංකික කාන්තාවට ඉතාම හොඳින් ගැළපෙන නිෂ්පාදනයක් ලෙසින් නම් කළ හැකිය. උගත් හා බුද්ධිමත් නූතන ශ‍්‍රී ලාංකික කාන්තාව නීරෝගී සමක වැදගත්කම හොඳින් හඳුනන අතර ස්වභාවිකත්වයෙහි සාරය උකහා ගන්නා විද්‍යාත්මක ප‍්‍රවේශය පිළිබඳව දැනුවත් හා ඒ පිළිබඳව විශ්වාසය තබන්නියකි.

කෙවින්කෙයා ලංකා සමාගමේ ශ‍්‍රී ලංකා කළමනාකරු රනේ මහතා, මීරා සන්නාම කළමනාකාරිණී නීතු ජෝස් මෙනෙවිය, කෙවින්කෙයා ලංකා සමාගමේ මෙහෙයුම් කළමනාකරු සරවනන් මහතා නව මීරා ෆේස්වොෂ් නිෂ්පාදන හඳුන්වාදීමේ අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment