ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ eChanneling, මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් නවලෝක රෝහල් සමූහය සමග එක් වී සබැඳියාවේ දැහැමි සත්කාරය සුව සහන සෞඛ්‍ය කඳවුරී නමින් විශේෂ සෞඛ්‍ය කඳවුරක් පවත්වා ඇත. රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගනිමින් පසුගියදා මෙම සෞඛ්‍ය කඳවුර රත්මලාන SLT-MOBITEL කාර්යාලයේදී පවත්වන ලදී.

මෙහිදී දියවැඩියා පරීක්ෂා, රුධිර පරීක්ෂා, ECG පරීක්ෂා සහ අක්ෂි පරීක්ෂා ආදිය සිදුකරන ලද අතර, වෛද්‍ය නිර්දේශ යටතේ ඇස් කන්නාඩි ලබාගැනීමටද අවස්ථාව සලසා දී තිබිණි. සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන් විසින් මෙහිදී ජනතාවට පෝෂණ උපදෙස්ද ලබාදෙන ලදී. මෙය අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු බොහෝ දෙනෙකුට නොමිලේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

සාමාන්‍යාධිකාරී – අලෙවි සේවා, අනුරුද්ධ සූරියආරච්චි ප්‍රධාන වාණිජ නිලධාරී ඉසුරු දිසානායක Mobitel, ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී මොහාන් අජිත්කුමාර් (eChanneling), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පළාත් මෙහෙයුම් – Metro 02) ලිදිර ගුරුගේ (SLT) සහ අලෙවිකරණ ප්‍රධානී රසිකා තිලකරත්න (නවලෝක රෝහල් සමූහය) යන නිලධාරීන් ඇතුළුව අදාළ පාර්ශ්වයන් නියෝජනය කරන තවත් පිරිස් මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment