ඉන්දිකගේ වෙඩි නොවදින ළමයි ඩකා ෆිල්ම් ෆෙස්ටිවල්හි ප‍්‍රදර්ශනයට

318

සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ දෙවැනි සිනමා නිර්මාණය වන වෙඩි නොවදින ළමයි (Bulletproof Children) බංග්ලාදේශයේ 20එය Dhaka Internaional Film Festival 2020 හි ප‍්‍රදර්ශනය සඳහා තේරී පත් වී තිබේ. ඒ අනුව මෙම චිත‍්‍රපටය එළැඹෙන ජනවාරි මාසයේදී බංග්ලාදේශයේදී ප‍්‍රදර්ශනය වනු ඇත. වෙඩි නොවදින ළමයි චිත‍්‍රපටය මෙරට තිරගත කිරීම් තවම අරඹා නොමැත.

 ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ පළමු චිත‍්‍රපටය වන ‘හෝ ගානා පොකුණ. ද මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද ප‍්‍රදර්ශනය වුණු චිත‍්‍රපටයකි. හෝ ගානා පොකුණ මෙන්ම මෙම චිත‍්‍රපටය ද අපූර්ව තේමාවක් ඔස්සේ නිර්මාණය කර ඇත.

 ‘‘1996 මාර්තු 17 දා ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේ කි‍්‍රකට් ලෝක කුසලානය පවත්වද්දී ලංකාවේ තත්ත්වය තමයි මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ. ලංකාවේ කොළඹ සිට අනුරාධපුරට දිවෙන බස් රථයක් ඇතුලේ වෙන සිදුවීමක් ලෙසින් තමයි මගේ දෙවන සිනමා අත්දැකීම දිගහැරෙන්නේ. මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් සියයට අනූවකටත් වඩා කළේ රාතී‍්‍ර කාලයේ. සාමාන්‍ය චිත‍්‍රපටයක උදේ ඉඳන් හවස් වෙනකම් රූගත කිරීම් කරනවා. මේ නිර්මාණය දවස් හතළිස් හතකට ආසන්න කාලයක් අපි හවස 6.00 ඉඳන් උදේ වෙනකම් රූගත කිරීම් කළා. මම හිතනවා මේක පේ‍්‍රක්ෂකයන්ට වෙනස් විදිහේ අත්දැකීමක් වෙයි කියලා…

ඉන්දිකගේ වෙඩි නොවදින ළමයි ඩකා ෆිල්ම් ෆෙස්ටිවල්හි ප‍්‍රදර්ශනයට



 මෙම චිත‍්‍රපටයේ ලෝක මංගල දර්ශනය බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේදී පවත්වා ඇති අතර 2020 වසරේදී චීනයේ ගෝල්ඩන් රාස්ටර් අන්තර්ජාතික උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට ද අවස්ථාව හිමි වී තිබේ. එලෙසම 2022 වසරේ ජනවාරි මස පැවැත්වෙන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමටද අවස්ථාව හිමි කරගෙන තිබේ. Bulletproof Children හි තිර රචනය ඉන්දික ෆර්ඩිනැන්ඩු සහ පියල් කාරියවසම් එක්ව සිදු කර තිබේ. නිෂ්පාදනය Deep Motion Pictures විසිනි. අනසුය, සුබසිංහ, කලණ ගුණසේකර, සේතික ගුණසිංහ, ස්ටෙෆාන් තිරිමාන්න,

 හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, ජයලත් මනෝරත්න වැනි ප‍්‍රවීන දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන්ගෙන් මෙම නිර්මාණය හැඩ වී ඇත. ජයලත් මනෝරත්නයන්ගේ රංගනයෙන් හැඩවූ අවසන් චිත‍්‍රපටය බොහෝ විට මෙය විය හැකි බවට ද අධ්‍යක්ෂවරයා අදහස් පළ කරයි.

 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment