අගමැති චීනයේ

83


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇත.

චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.

ප්‍රදර්ශනය මෙම මස 16 සිට 20 දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වේ.

එක්ස්පෝ සංවිධායකයින් පවසන පරිදි මෙම අති විශාල වෙළඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60 ක් සහභාගී වන අතර සියලුම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සහ (RECP) කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් ඊට ඇතුළත් වේගිපොදු සංවර්ධනය සඳහා සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය’ යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරියල ජානක වක්කුඹුරල කනක හේරත්ල පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධනල අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිතිග

advertistmentadvertistment
advertistmentadvertistment