සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 21ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,698ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 395ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 546,498ක් දක්වා වැඩි විය.
අද වාර්තාවූ කොරෝනා නව ආසාදිතයින් 518ත් ක් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 577,433 දක්වා ඉහළ ගොස් ඇත.
|