අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම  වෙනස් කළ යුතුයි – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

146

අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහ ගත විය යුතු බවත් ඒ පෙර පාසලේ සිටම සිදුවිය යුතු බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (01 දා) පැවසීය.

සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයටත් හැකියා හා දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතියම වෙනස් විය යුතු බව ද ඇමැතිවරයා නිලධාරී හමුවට සහභාගිවෙමින් පැවසීය.

වෘත්තීය දක්ෂතා පෙන්වන සිසුන් 09 ශ්‍රේණියේ සිටම තෝරා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවේශ කිරීමෙන් වඩාත් සාධනීය ප්‍රතිඵල අත්කර ගත හැකි බව ද ඇමැතිවරයා කීය.

මෙම හමුව ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේදී පෙරේදා (31 දා) පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා සමඟ වෘත්තීය පුහුණු ආයතන රැසක ප්‍රධානීහු සහභාගි වූහ.

චමින්ද සිල්වා


advertistmentadvertistment