අඹේවෙල රේන්දපොලදී කාරයක් ප්‍රපාතයකට පෙරළිලා

402

වෛද්‍ය යුවළකට සුළු තුවාල

රේන්දපොල – අඹේවෙල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් කාර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 10 ක් පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අනතුරක් සිදුව තිබේ.

වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොල මංසන්ධියේ සිට අඹේවෙල දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ අඹේවෙල දෙසට ධාවනය වු කාර් රථයක් එම මාර්ගයේ 4 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙලෙස අනතුරට ලක්ව තිබේ. කාර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 10 ක් පමණ ප්‍රපාතයේ වු වගා බිමකට පෙරළී ඇති අතර අනතුරින් කාර් රථයට දැඩි හානි සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක් හා වෛද්‍යවරියක් කාර් රථයේ ගමන් කර ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති අතර කාර් රථය පෙරලී අසල වු ගසක ගැටීම නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගොස් තිබේ.

මෙම රේන්දපොල – අඹේවෙල ප්‍රධාන මාර්ගය පට්ටිපොල හරහා හෝටන්තැන්න දක්වා වැටී ඇති අතර දිනකට විශාල සංචාරකයින් පිරිසක් ගමන් ගන්නා මාර්ගයකි. මෙම මාර්ගයේ බොහෝ පටු ස්ථාන ඇති අතර එම ස්ථානවලින් රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස කැප්පෙටිපොල පොලිසිය රථ වාහන රියදුරන්ට දන්වා සිටී.

බොරලන්ද සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment