රජය විසින් බදු ඉවත් කිරීම නිසා ආනයනික ලොකු ළුණු සහ අර්තාපල් තොග මිල පහළ ගොස් තිබේ.
ලොකු ළුණු සහ අර්තාපල් සදහා ආනයික බද්ද රුපියල් 30 න් අඩු කර ඇත.
ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ළුණු කිලෝවක් රුපියල් 130ත් 140ත් අතරද පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ළුනු කිලෝවක් රුපියල් 105 ක තොග මිලකට අලිවූ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති යූ.බී.ඒ්කනායක මහතා පැවැසීය.