ආර්ශ්දීප් සිං විකට් කූරු දෙකක් දෙකට කඩා පන්ජාබ් දිනවයි

480

පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අද පැවති තරඟයෙන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 13 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය.
එම තරඟයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රහනය සඳහා අවසන් පන්දුවාරය ට ලකුණු 16 ක ඉලක්කයක් හිමි වූ අතර එහිදී ටිලක් වර්මා ගේ සහ නෙහාල් වදේරාග කඩුලු දෙක පිට පිට යැවූ පන්දු 2කදී දවා ගැනීමට ආර්ශ්දීප් සිං සමත් විය.
එහිදී ආර්ශ්දීප් ගේ පන්දු වැදී එම පිතිකරුවන් දෙදෙනාගේ කඩුල්ලේ මැද ඉනි දෙකම දෙකට කැඩී ගියේ පන්ජාබ් ප්‍ර්‍රේක්ෂකයින් ගේ සතුට දෝරේ ගලා යමිනි.තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 214 ක් ලබාගත් අතර මුම්බායි ඉනිම ලකුණු 201කට සීමා විය.

advertistmentadvertistment
advertistmentadvertistment