ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පදක්කම් දිනූවෝ යළි දිවයිනට

174

20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 08 වැනිදා රාත්‍රී කටුනායක ගුවන්තොටුපළින් යළි දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය දකුණු කොරියාවේ යේචියොන් නගරයේ දී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගි වූ මෙම තරගාවලියේ 07 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.

වලල ඒ. රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800, මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වලින් රන් පදක්කම් සහ මීටර් 400 ජවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය. ජයේෂි උත්තරා, විනෝද් ආරියවංශ, ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද පදක්කම් දිනා ගත්හ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment