ඉන්දීය රජය ඩුබායි හරහා  රුසියානු තෙල් නැව්වලට ලියාපදිංචි සහතික ලබාදෙයි – රුසියානු නැව් 80ක් තෙල්  රැගෙන මුහුදේ  සැරිසරයි

138

රුසියානු සොව්කොව්ප්ලොට් නෞකා සමූහයට ඩුබායි රාජ්‍ය නෞකා සහතිකය ලබාදී ඇත. මේ නිසා ඉන්දියාව එරටට තෙල් මිලයට ගැනීම දෙගුණයකින් වැඩිකර තිබේ. රුසියාවෙන් තෙල් මිලයට ගන්නා ප්‍රධාන රටවල් දෙක ඉන්දියාව සහ චීනයයි. මෙයට අමතරව ජාත්‍යන්තර සමාගම් 7 ක්ද රුසියාවෙන් තෙල් මිලයට ගනියි.

 බටහිර රටවල් රුසියානු නැව්වලට සම්බාධක පැනවීම නිසා ඩුබායි රට රුසියානු නැව් වලට ලියාපදිංචි සහතිකය ලබාදී තිබේ. ඩුබායිහි සමාගමක් ඔස්සේ ඉන්දියාව මෙලෙස රුසියානු තෙල් නැව්වලට නාවික සහතිකය ලබාදී ඇත. මේ වනවිට ඩුබායිහි එස් සී එස් කළමනාකරණ ආයතනය රුසියානු නැව් 80 කට එම සහතිකය ලබාදී තිබේ. රුසියානු නැව් වලට නාවික සහතිකය ලබාදීම බි්‍රතාන්‍ය, ප්‍රංශය සහ නෝර්වේ නතර කර ඇත. ඉන්දීය සමාගම ජාත්‍යන්තර ආයතනයක් නිසා ඊට එරෙහිව බටහිර රටවලට සම්බාධක පැනවිය නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment