ඉගිල්ලුණු යතුරුපැදිය ලිස්සාගොස් විදුලි කණුවක ගැටීමෙන් පූජාපිටියේ තරුණයා මරුට

142

මහනුවර පූජාපිටිය පොලිස් වසමට අයත් මාරතුගොඩ නගරයේදී සිදුවුණු රිය අනතුරකින් එම ස්ථානයේදීම පුද්ගලයෙක් මියගොස් ඇති බව පූජාපිටිය පොලිසිය පවසයි.

මෙම අනතුර ඊයේ (08 දා) ප.ව. 3ට පමණ සිදුව ඇති අතර පූජාපිටිය දෙස සිට වැලිගල්ල දෙසට ගමන් ගත් යතුරුපැදිය මෙලෙස අනතුරට ලක් වී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ අංක 08/01, වැලිගල්ල, පූජාපිටිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 28ක් වන මහේෂ් කරුණාතිලක යන අය වේ.

මෙම තරුණයා සේවය නිමවා නිවෙස් බලා එමින් සිටියදී අනතුරට මුහුණපා ඇත. යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව එක්වරම මාර්ගයේ ප්‍රතිවිරුද්ධ අන්තයට ඇදීගොස් විදුලි කණුවක ගැටීමෙන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇතැයි පොලිසිය කියයි.

පූජාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. උදාර ලියනගම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. වසන්ත එදිරිසිංහ මහතාගේ මෙහෙය වීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment