උතුරු කොරියාවේ මිලියනයකට අධික පිරිසක් කොරෝනාවට ගොදුරු වෙති

494

දරුණු “ඔමික්‍රෝන්” වසංගත රැල්ලක් පැතිර යෑමත් සමගම උතුරු කොරියාවෙන් ඊයේ (16දා) වන විට මිලියනයකට අධික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර කොරෝනා ආසාදනයට ගොදුරු වූ 50 දෙනකු පමණ මිය ගොස් තිබූ බව උතුරු කොරියානු රජයේ මාධ්‍ය විසින් නිවේදනය කර තිබේ.

 “ඔමික්‍රෝන්” කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිරීම හේතුවෙන් බොහෝ දෙනා උණ රෝගයට ගොදුරු වුවද උතුරු කොරියානු රජය විසින් ප්‍රකාශ කර ඇත්තේ උණ රෝගයක් රට පුරා පැතිර යන බව පමණි. උතුරු කොරියාව විසින් කොරෝනා පරීක්ෂණ සිදු කිරීමද සීමා කර තිබීම හේතුවෙන් රට තුළ සැබවින්ම කොපමණ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සිටිනවාද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට අසීරු වී ඇති බව බටහිර මාධ්‍ය පවසයි. මේ වන විට දැඩි අගුලු දැමීමකට ලක්ව සිටින උතුරු කොරියාවේ ජනතාවගෙන් බහුතරය කොරෝනා එන්නත්කරණයට ලක් වී නොසිටීම හා රට තුළ දුර්වල සෞඛ්‍ය පද්ධතියක් පැවතීම යන කරුණු හේතුවෙන් ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පැන නැගී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දරුණු ලෙස රට පුරා ඔමික්‍රෝන් රැල්ල පැතිර යෑමත් සමගම උතුරු කොරියානු සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස විවේචනය කර ඇති එරට නායක කිම් ජොන් උන් කොරෝනා ආසාදිත ජනතාවට අවශ්‍ය බෙහෙත් බෙදා හැරීමේ කටයුතුවලට සහාය වන ලෙස එරට හමුදාවට නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment