උතුරු කොරියාව කොරෝනා පරාජය කළ බවට නිවේදනය කරයි

149

උතුරු කොරියාවේ පැතිර ගිය කොරෝනා වසංගතය අවසන්ව ඇති බවට උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මාස කිහිපයක් තිස්සේ රට පුරා පැතිර ගිය කොරෝනා වසංගතය අවසන්ව ඇති බවට සිය සහෝදරයා වෙනුවෙන් ප්‍රකාශ කර ඇති උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් කොරෝනා වසංගත සමය තුළ සිය සහෝදරයා තද උණ රෝගයකින් පෙළුණු බව ප්‍රථම වරට අනාවරණය කර තිබේ.

උතුරු කොරියානු නායකයා තද උණ රෝගයකින් පෙළෙමින් දැඩි අසාධ්‍ය තත්ත්වයක පසු වුවද ඔහු කිසි විටකත් විවේකයක් ලබා නොගත් බවත් කොරෝනා වසංගතයට එරෙහි යුද්ධය අවසන් වන තෙක්ම සිය රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර ගත් බවත් රටේ ඉහළ තනතුරක් හොබවන කිම් යෝ ජෝන්ග් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment