උසාවි නියෝගය නොතැකු ජෙරොම්ට නොතිසි

39

ප්‍රසිද්ධ ආගමික වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් මගින් අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි කියන ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට ලබන මස 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (26දා) නියෝග කළේය.

එකී සැකකරුට ඇප ලබාගත් වහාම රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වී කටහඬ සාම්පල ලබාදෙන ලෙස අධිකරණය විසින් මින්පෙර නියෝග කර ඇතත් මේ දක්වා එම නියෝගය අනුව කටයුතු කර නොමැති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නිගෝය කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment