එඬේරමුල්ල දුම්රිය හරස් මඟේ ඛේදවාචකයෙන් – ජීවිත 2ක් අහිමි වෙයි

514

කොළඹ නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී පෙරේදා (08දා) උදෑසන 6.05ට පමණ සිදුවූ මාරක දුම්රිය අනතුරකින් කාර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි එf`ඩ්රමුල්ල පොලිසියෙන් වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ලියනගේ කැළුම් තුෂාර සිල්වා නමැති විවාහක දෙදරු පියෙක් සහ කිරුළපන පෞද්ගලික ආරක්ෂක ආයතනයක කාන්තා ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවයේ නිරතව සිටි වේලුකුට්ටි කුංජන් නිමාලි නිසංසලා රත්නායක නමැති වත්තල ගොංගිතොට ජාතික නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක එක්දරු මවකි.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය එf`ඩ්රමුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය හරස් මාර්ගය පසුකර යෑම සඳහා පැමිණ ඇති අතර මාර්ගයේ දුම්රියක් ධාවනය වන බව හඟවන අනතුරු සීනුව සහ ආලෝක සංඥාව ක්‍රියාත්මක වෙමින් තිබියදී එඬේරමුල්ල ප්‍රදේශයේ සිට වත්තල මීගමුව මාර්ගය දෙසට යෑමට පැමිණි කාර් රථයේ රියදුරු අනතුරු නලාව සහ ආලෝක සංඥා හඬ නොතකමින් එම රථය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කිරීමට යෑමේදී මෙම අනතුර සිදුවී ඇත.

දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 200 ක් පමණ කොළඹ දෙසට ඇදී ගොස් කොළඹ සිට රාගම දෙසට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියකද ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ රථය තුළ සිටි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර දුම්රිය දෙකක ගැටුණු වාහනය පොඩිපට්ටම්ව ගොස් තිබිණි.

කොළඹ සිට රාගම දෙසට ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය දෙවන වරට ද මෝටර් රථය ගැටීම වළක්වා ගැනීමේ අරමුණින් ප්‍රදේශවාසීන් එක්ව දුම්රිය මද දුරකින් හෝ නවතා ගැනීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක වූවේ යැයි සිද්ධිය ඇසින් දුටු පිරිස පැවසූහ.

රථය පදවාගෙන පැමිණි පුද්ගලයා ප්‍රසිද්ධ බස් ව්‍යාපාරිකයෙකු බවත් අනතුර පිළිබඳව ඔහුගේ හැදුනුම්පතේ සඳහන් වූ ලිපිනයට කළ දැනුම් දීමකින් පසුව ඥාතීන් එf`ඩ්රමුල්ල දුම්රිය ස්ථානයට පැමිණ මළසිරුර හඳුනාගත් බවත් රථයේ සිට දුම්රිය අනතුරින් මියගිය කාන්තාව තම පවුලේ ඥාතියෙකු හෝ දන්නා හඳුනන අයෙක් නොවන බව මියගිය කැළුම් තුෂාර ලියනගේ මහතාගේ බිරිඳ මහර හදිසි මරණ පරීක්ෂක ඩී. කේ. කේ. සී. කේ. රත්නායක මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසුවාය.

කාර් රථයේ රියදුරු බස් රථ හිමි අයෙක් වන අතර 08 වැනිදා උදෑසන 5.30ට පමණ බස් රථයකට රියදුරෙකු සොයා ගැනීමට යන බව පවසා පමුණුවිල නිවසින් පිටව ගිය බව සිය සැමියාගේ මළසිරුර හඳුනා ගැනීමෙන් පසුව බිරිඳ පොලිසියට ප්‍රකාශ කර ඇත.

මියගිය කාන්තාව දුම්රියෙන් රැකියාවට යෑමට එf`ඩ්රමුල්ල දුම්රිය ස්ථානයට පැමිණ සිටි බවත් දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය නොවීම නිසා කෙසේ හෝ සේවයට වාර්තා කළ යුතු බැවින් මාර්ගයේ ගමන් කළ වාහනයට ගොඩවූ බව දුම්රිය මගීන් කිහිපදෙනෙකු පැවසුවද ඒ පිළිබදව පැහැදිලි සාක්ෂියක් දීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත.

අනතුරින් මියගිය නිමාලී නිසංසලා මහත්මිය මීට වසර දහයකට පෙර නීතියෙන් විවාහයෙන් වෙන්ව පෞද්ගලික ආරක්ෂක අංශයක කාන්තා ආරක්ෂක නිලධාරිනියක් ලෙස සේවය කරමින් තම එකම පිරිමි දරුවා සමග වාසය කර ඇති අතර අනතුර පිළිබඳව පොලිසිය සහ හදිසි මරණ පරීකවරයා විසින් කාන්තාවගේ සැමියාට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි ඔහු තමා නීතියෙන් වෙන්ව සිටින බැවින් මවගේ දේහය පුතුට භාරදෙන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව දෙමාපියන් දෙපළම අහිමි වූ පුතුට අවසන් කටයුතු කිරීම සඳහා මවගේ දේහය භාරදී ඇත.

මෙම දුම්රිය අනතුරින් මියගිය දෙදෙනාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය (08දා) දහවල් රාගම රෝහල් මෘතශරීරාගාරයේදී රාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් වන රමේෂ් අලගියවන්න මහතා සහ එම්. එස්. දිනේෂ් යන වෛද්‍යවරුන් විසින් සිදුකර ඇති අතර ලියනගේ කැළුම් තුෂාර සිල්වාගේ මරණයට හේතුව ශරීරය අභ්‍යන්තර තුවාල හේතුවෙන් සිදුවූ හදිසි මරණයක් බවත් නිමාලි නිසංසලා රත්නායකගේ මරණයට හේතුව හිසට පපුවට සහ උදරයට මොට බලප්‍රහාරයක් එල්ල වීමෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙසත් සඳහන් කර ඇත.

එf`ඩ්රමුල්ල දුම්රිය හරස් මාර්ගය හරහා දෛනිකව විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරන බවත් මෙම මාර්ගය පුළුල් කිරීම මෙන්ම මෙම ස්ථානයට ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක අවශ්‍යතාවයක් ඇති බව බොහෝ අවස්ථාවලදී බලධාරීන් වෙත ලිඛිතවත් වාචිකවත් ඉල්ලීම් කළද ඔවුන් මෙතෙක් එයට නෑසූ කන් ඇතුව සිටීමෙන් මේ වන විට මෙම ස්ථානයේ සිදුවූ විශාල අනතුරු ප්‍රමාණයකින් වටිනා මිනිස් ජීවිත රටට අහිමිවී ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

එf`ඩ්රමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ජී.සුනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන 29381 පුෂ්ප කුමාර, 52513 බෝපගේ, පොලිස් කොස්තාපල් වරුන් වන 96864 ශනිල්ක, 101971 පියරත්න යන නිලධාරීන් විසින් මෙන අනතුර පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇත. එඬේරමුල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment