ඔස්ට්‍රේලියාව 199 ට දැවේ

249

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස පැවැති ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු පිතිකරුවෝ ලකුණු 199 කට දැවී ගියහ.

චෙන්නායි හී පැවැති මෙම තරගයේදී එකදු ඔස්ට්‍රේලියානු පිතිකරුවකුට හෝ අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීවන් ස්මිත් ලකුණු 46 ක් ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජඩේජා කඩුලු 3 ක්ද කුල්දීප් යාදේව් සහ ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.


advertistmentadvertistment