කලබල නොවී විමසුම් නෙතින් කටයුතු කර දෙලොවම ජයගමු

245

වණ්ණුපථ ජාතකයෙහි නිරුදක කතරක අතරමං වූ සාත්තු නායකයා දිය ලබා ගත්තේ විමසා බැලීම නිසයි. ඔහු අනෙක් අය මෙන් නොපෙනෙන දෙවියකුට යාඥා කළේ නැත. නොපෙනෙන වෙනත් බල වේග විශ්වාස කළේ නැත. තමන්ගේ ස්වාමියා තමන්, තමන්ට යමක් කර ගත හැක්කේ තමන් තුළින් යන හැඟීම් ඇති කොට ගෙන කාන්තාරයට බැස විමසා බැලී ය. විමසා බලන ඔහුගේ නෙතට තණ පඳුර දකින්නට ලැබිණි. ප්‍රඥාවන්ත ඔහු මෙතැන ජලය ඇතැයි එතැන කනින්නට විය. කැන බලද්දී එතැන පතුලේ ගලකි. වීර්ය නිසා ඒ ගල ද බිඳ ජලය ලබා ගත්තේ ය. මෙහි පළමු පියවර විමසා බැලීමයි. නිසම්මකාරි ගුණය ජයග්‍රහණයට හේතුවක් බව ධම්මපදට්ඨකථාවෙහි කුම්භඝෝෂක කථාවස්තුව තුළ ද දක්නට ලැබේ.

පන්සිය පනස් ජාතක පොතෙහි එන දද්දභ ජාතකය තුළ විමසා බලා කටයුතු කිරීම තුළින් කළබල නතර වෙන බව නිදර්ශනය කරයි.

මෙය පූර්විකාව වශයෙන් ගත්තේ විමසා බලා කටයුතු නොකිරීම නිසා ඇතිවන අනවශ්‍ය කලබල හා හානි පාඩු අප සමාජය තුළත් දක්නට ලැබෙන බැවිණි. සසුන තුළ ද මෙවන් උණුසුම් රැළි මතු වෙයි. කෙනෙක් බුදු උපත ලක්දිව යයි කියති. තව කෙනෙක් එය ඉන්දියාවේ සිදු වූ බව කියති. කෙනෙක් අපාය, දිව්‍ය ලෝකය මේ මිනිස් ලොවම ඇති බව කියති. තව කෙනෙක් එය ප්‍රතික්ෂේප කරති. තව කෙනෙක් පුද පූජා අගයති. තව කෙනෙක් ඒවාට ගරහති. මේ රැළිවලට හසුව ඔවුන් පසුපස බොහෝ පිරිසක් වෙසෙති. මේ දෘෂ්ටිවාදයන් බව ඔවුහු නොදනිති. උච්චේදවාදය, සර්වාස්තිවාදය, අකිරියවාදය, දස මිථ්‍යා දෘෂ්ටිය ආදි වූ සියලු දෘෂ්ටිවාද මේ තුළ දක්නට ලැබෙයි. මේ නිසා උසස් මිනිස් භව අනර්ථකර ගනියි. පරලොව අනර්ථ කර ගනියි. සසරින් එතර වීමක් නොව සසර නතර වී දුකින් දුකට පත් වෙයි. විමසා බලා කටයුතු නොකොට මුළාව කටයුතු කරන අවස්ථා අප සමාජය තුළ බොහෝ දක්නට ලැබෙයි.

වණ්ණුපථ ජාතකයෙහි නිරුදක කතරක අතරමං වූ සාත්තු නායකයා දිය ලබා ගත්තේ විමසා බැලීම නිසයි. ඔහු අනෙක් අය මෙන් නොපෙනෙන දෙවියකුට යාඥා කළේ නැත. නොපෙනෙන වෙනත් බල වේග විශ්වාස කළේ නැත. තමන්ගේ ස්වාමියා තමන්, තමන්ට යමක් කර ගත හැක්කේ තමන් තුළින් යන හැඟීම් ඇති කොට ගෙන කාන්තාරයට බැස විමසා බැලී ය. විමසා බලන ඔහුගේ නෙතට තණ පඳුර දකින්නට ලැබිණි. ප්‍රඥාවන්ත ඔහු මෙතැන ජලය ඇතැයි එතැන කනින්නට විය. කැන බලද්දී එතැන පතුලේ ගලකි. වීර්ය නිසා ඒ ගල ද බිඳ ජලය ලබා ගත්තේ ය. මෙහි පළමු පියවර විමසා බැලීමයි. නිසම්මකාරි ගුණය ජයග්‍රහණයට හේතුවක් බව ධම්මපදට්ඨකථාවෙහි කුම්භඝෝෂක කථාවස්තුව තුළ ද දක්නට ලැබේ. වර්තමානයේ වුවත් විමසා බලා තීන්දු තීරණ ගනී නම් ඒ තුළින් උසස් ප්‍රතිඵල ලැබි ය හැකි ය. විමසීමකින් තොරව ගන්නා තීන්දු තීරණ පදනම් කොට ගෙන විවිධ ආයතන තුළ, විවිධ පුද්ගලයන් අතර විවිධ කළබල ගොඩ නැගෙයි. බුදු රජාණන් වහන්සේ විවිධ අවස්ථාවන්හි විමසා බලා කටයුතු කිරීමේ අගය පැහැදිලි කොට ඇත. විමංසක, කාලාම, සන්දක, චේතෝඛිල ආදි සූත්‍ර දේශනා කිහිපයකම විමසා බලා කටයුතු කිරීමේ අගය දක්වයි.

විමංසක සූත්‍ර යේ දී උන්වහන්සේ දුටු දේ, ඇසූ දේ පමණක් පිළිගන්නා ලෙස දක්වති. ඇස්වලින් බලා, කන්වලින් අසා තමන්ට ප්‍රත්‍යක්ෂ නම් එය පිළිගන්නා ලෙස දක්වති. බුදු රජාණන් වහන්සේ පළමුව කියන්නේ තමා විමසන ලෙසයි. භද්දවග්ගිය කුමාරවරුන් තිස්දෙනාගෙන් උන්වහන්සේ විමසන්නේ වඩාත් වැදගත් වන්නේ තමා ගැන සෙවීම ද ගැහැණියක ගැන සෙවීම ද යන්නයි. එසේනම් පළමුව තමන්ගේ කාය සමාචාරයන්, වාක් සමාචාරයන් විමසිය යුතුයි. එය ධර්මයට විනයට ගැළපේනම් එය අනුගමනය කිරීම හා නොගැළපේ නම් එය සකස් කර ගැනීම සිදු කළ යුතු බව උන්වහන්සේ දක්වති. මේ විමසීම නිතර නිතර කිරීමේ වැදගත්කම උන්වහන්සේ දක්වති. අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං යන්නෙන් අදහස් කරන්නේ එයයි. අනතුරුව අන් අයගේ කාය වචී සමාචාරයන් පිළිබදව අවධානය යොමු කළ යුතුයි. එවිට සත්‍යය දැක්ක හැකි වෙයි. මඟ හොඳට තිබේ නම් දෑස ද පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුළා වූවන් සේ යන්නෙන් අපට පැහැදිලි කරන්නේ එයයි. නිවැරදිව බුද්ධ, ධම්ම, සංඝ හඳුනා ගන්නට, පින පව හඳුනා ගන්නට ඒ පිළිබදව විමසුමක නිරත විය යුතු බව විමංසන සූත්‍රය තුළ දක්වයි.

විමර්ශනය පිලිබඳව ක්‍රමවේදය දක්වා ඇත්තේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළයි. තමන්ගේ කය විමසීම කායානුපස්සනා, තමන් විදින දේ විමසීම වේදනානුපස්සනා, තමන්ගේ සිත විමසීම, චිත්තානු පස්සනා ධර්මය විමසීම ධම්මානුපස්නා ලෙස දක්වා ඇත්තේ එයයි.

එසේ හෙයින් සුපින්වත හාවුන්ගේ බසට මුළා වී කළබල නොවෙමු. කළබල නොවෙමු. නොමඟ නොයමු. සසර මග දිගු නොකර ගනිමු. සිංහයකු සේ විමසා බලා කරුණු දැන නිසි සේ කටයුතු කොට මෙලොව දියුණුව ලබමු. පරළොව දියුණුව ලබමු. නිවනින් සැනසීම ලබා ගනිමු.

ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
● විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment