කඩවත කෝටිපතියාගේ ඝාතකයෝ ගිනි අවියත් සමඟ දැලේ

586

පානදුර පිංවත්තේදී කඩවත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ සම්පත් කුඩාගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කුලී ඝාතකයා, යතුරුපැදිය පැදවූ පුද්ගලයා සමඟ ඝාතනයට යොදාගත් පිස්තෝලය කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (5දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment