කුඩු ජාවාරම්කරුවෝ කතරගමදී කොටුවෙති

369

වන්දනාවේ පැමිණී මුවාවෙන් මහා පිරිමානයේ මත් කුඩු බෙදා හරිනු ලැබු මත් කුඩු ජාවාරම් කරුවන් තිදෙනෙකු හෙරොයින් මත් කුඩු ග‍්‍රෑම් 15 යි මිළිග‍්‍රෑම් 800 ක් සහ අයිස් මත් කුඩු ග‍්‍රෑම් 07 යි මිළිග‍්‍රෑම් 100 ක් සමග සෙල්ලකතරගමදී අත් අඩංගුවටගැණිමට කතරගම පොලීසිය ඊයේ (06) රාත‍්‍රි සමත් වී තිබේ.

මත්කුඩු බෙදා හෑරිම සදහා සැක කරුවන් පැමිණි වැගන්ආර් වර්ගයේ මොටර්රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
සෙල්ලකතරගම කොටුගොඩ ධම්මාවාස නාහිමි මාවතේ නීලකාරාමය අසල දී සැකකරුවන් සමග මෝටර් රථය අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දී මෙම මත්කුඩු තොගය පොලීසිය සොයා ගෙන තිබේ.
කතරගම පොලීසියට ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප‍්‍රධාන සැකකරු වන අලූබෝමුල්ල, මැදමාවත අංක 301 යනස්ථානයෙහි පදිංචි අමරගේ ෂාන් සමිර ලක්මාල් නැමැත්තෙකු සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලි ග‍්‍රෑම් 5350 ක් හා අයිස් මත් කුඩු මිළි ග‍්‍රෑම් 2100 ක් පොලීසිය සොයා ගෙන තිබේ.
මෙම ප‍්‍රධාන සැකකරුගේ පෙම්වතිය යැයි කියන මරදන්කඩවෙල, නුවර පාරයන ලිපිනයෙහි පදිංචි සුරවිර ආරච්චිගේ රශ්මිකා යන කාන්තාව සන්තකයෙහි තිබී හෙරොයින් මත් කුඩු 5300 ක් සහ අයිස් මත් කුඩු මිළි ග‍්‍රෑම් 3000 ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.


advertistmentadvertistment