කොටි වළ දැමූ රත්‍රං ගොඩ ගැනීමට ආ සාජන් අත්අඩංගුවට

95

පොතුවිල් රක්ෂිත වනයේ කොටි ත්‍රස්තවාදීන් විසින් වළ දමා ඇතැයි කියන රත්තරන් ගොඩ ගැනීමට පැමිණි පොලිස් සැරයන්වරයකු සහ කට්ටඬියකු ඇතුළු තිදෙනකු පෙරේදා (01දා) අලුයම අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සමන්තුරේ පොලිසියේ සේවයේ නිරතව සිටින මෙම පොලිස් සැරයන්රයා නිවාඩු ලබාගෙන පොතුවිල් ප්‍රදේශයට පැමිණ තිබේ.

ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර රත්‍රං ගොඩගැනීම සඳහා සැකකරුවන් ගෙනැවිත් තිබූ උපකරණ ද වැටලීමේදී සොයාගෙන තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment