දින 35 ක් තිස්සේ වරායේ හිරවී තිබෙන පෙට්‍රල් නැව නිදහස් කර නොගත්තොත් යළිත් පෙට්‍රල් හිඟයක්

301

තෙල් තොග හා ගබඩා පර්යන්ත සමාගම කියයි

කොළඹ වරායට පැමිණ දින තිස්පහක් තිස්සේ ගොඩබාගත නොහැකිව තිබෙන පෙට්‍රල් තොග සහිත නෞකාව නිදහස් කර ගැනීමට නොහැකිවුවහොත් යළිත් රට තුළ පෙට්‍රල් හිඟයක් ඇති වන බව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් අවසන් අදිරයට පැමිණ තිබෙන බවත් රටේ සමස්ත ඉන්ධනහල්වලින් සියයට හතළිහක පමණ ප්‍රමාණයකට සීමාසහිත ලෙස පෙට්‍රල් නිකුත් කරන බවත් හෙතෙම සඳහන් කළේය. අවසන් වරට ඔක්ටේන් 92 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,500 ක නෞකාවක් අප්‍රේල් 19 නිදහස් කර ගත් බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 9000 ක් පෙබරවාරි 21 ගොඩබෑ පසු පෙට්‍රල් යළි නොලැබුණු බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ඩීසල්වල හිඟයක් මතු නොවන බවත් කොළඹ වරායට පැමිණ තිබූ ඩීසල් මෙටි්‍රක් ටොන් 35,000 ක් ගබඩා වෙත ලැබුණ බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment