මහ බැංකුවේ පඩි වැඩි කළ හැටි මහ බැංකුව නිවේදනයකින් පහදයි

318

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත ඉකුත් 22 වැනිදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බවය. එසේ කැඳවා අදාළ වැටුප් වර්ධක සම්බන්ධව මෑත කාලීනව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සුදුසු බව අමාත්‍යවරයාගේ අදහසයි.

advertistmentadvertistment
advertistmentadvertistment