කොළඹට ඇතුළුවන දුම්රිය නවතියි

135

බස්නාහිර පළාතට ඊයේ (13දා) ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළුවන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

කෙසේ වෙතත් කොළඹට පැමිණි ජනතාවට තම ගම්බිම් වෙත යෑමට අවශ්‍ය දුම්රිය යෙදවීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේය. වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය බලාත්මක කර දිවයිනපුරා හදිසි නීතිය බලාත්මක කිරීමට පියවර ගැනීමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගනු ලැබීය.

චමින්ද සිල්වා
 


advertistmentadvertistment