ගුජරාටයේ ක්‍රීඩා සංකීර්ණයක ගින්නෙන් 27ක් මරුට

102

පසුගිය සෙනසුරාදා (25දා)ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට්හි විනෝද ක්‍රීඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් 27 දෙනකු මියගොස් තිබේ.

රාජ්කොට් පොලිස් කොමසාරිස් රාජු භාර්ගවා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මේ වන විට සිරුරු 24 ක් රෝහල වෙත යවා ඇති අතර සමහර සිරුරු තවමත් ගොඩගනිමින් තිබෙන බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පිරිසෙන් බහුතරය ළමුන් බව සැලකේ. පොලිසිය පවසන්නේ දැඩි ලෙස පිළිස්සුණු මළසිරුරු හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

ගුජරාට් මහ ඇමැති භූපේන්ද්‍ර පටෙල් පැවසුවේ මේ ගින්න ගැන පරීක්ෂණ කිරීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment