ජැෆ්නා කිංග්ස් 21කින් දිනයි

113

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් 2023 තරගාවලියේ සමාරම්භක තරගය කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර පැවැති තරඟයෙන් ඊයේ (30) දින ආරම්භ කෙරිණ. එම තරඟයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් පරදා ලකුණු 21ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රී පැවැති තරගයේදී ලකුණු 174 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දු ඕවර 19.4 කදී ලකුණු 152 කට සීමා කිරීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස්කරමින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට පිත්ත හැසිරුවද, අනෙකුත් පිතිකරුවන්ගේ අසාර්ථකත් වීම මෙම පරාජයට බලපෑ ප්‍රධානතම හෙු්තුවක් විය.

ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 173′ නිෂාන් මධුෂ්ක 12″ රහමනුල්ලා ගුර්බාෂ් 21″ චරිත් අසලංක 12″ ටොව්හිඩ් රිඩෝයි 54″ ප්‍රියමාල් පෙරේරා 22″ දුනිත් වෙල්ලාලගේ නොදැවී 25″ තිසර පෙරේරා නොදැවී 14 ‘ නසීම් ෂා 30/1″ මතීෂ පතිරණ 32/1″ චාමික කරුණාරත්න 36/1″ ලක්‍ෂාන් සඳකැන් 34/1

කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 152, නිරෝෂන් දික්වැල්ල 58, නුවනිඳු ප්‍රනාන්දු 17, චාමික කරුණාරත්න 23, රමේෂ් මෙන්ඩිස් 17, හර්ඩස් විල්ජෝන් 31/3, ඩිල්ෂාන් මධුසංඛ 18/2, තිසර පෙරේරා 29/1, විජයඛාන්ත් වියස්ඛාන්ත් 17/2

advertistmentadvertistment
advertistmentadvertistment