ඩෙංගු තොරතුරු දන්වන්න ක්‍ෂණික දුරකථන අංකයක්

52

ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්‍ෂණික අංකයක් ස්ථාපිත කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් රෝහණ මහතා ‘දිවයින’ට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ස්ථාපිත කර ඇති 0117-966366 මෙම ක්‍ෂණික දුරකථන අංකයට සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුළුව පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන

ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව ද දැන්වීමට හැකියාව ඇතැයි ඒ මහතා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment